Message from Academic Director

වසර 30 ක යුද්ධයකින් පසු ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරමින් පවතී. එමෙන්ම ශ්‍රී ලංකාව ආයෝජකයින්ගේ අවධානය දිනාගත් ප්‍රධාන රටක් බවට පත්ව ඇත. මෙම අවස්ථාව ටෙක් ශ්‍රි ලංකාහී අපි සුවිශේෂ වු අවස්ථාවක් ලෙස සලකමු. මක්නිසාද අප තත්වයෙන් උසස් හා හැකියාවෙන් යුක්ත තොරතුරු තාක්ෂණික වෘත්තිකයින් බිහිකිරීමේ පුරෝගාමීයා වන බැවිනි.

ඔබගේ අනාගතය හැඩගස්වා ගැනීම සදහා ටෙක් ශ්‍රි ලංකා වෙත පැමිණීම අප ගෞරවයක් ලෙස සලකමු. අප ආයතනය වසර 32 පුරා මිලියනයකට අධික ශිෂ්‍ය ශිෂ්‍යානන් හට පරිගණක තාක්ෂණ මුලකුරු කියා දී ඇත්තෙමු. මේ මොහොතේ ටෙක් ශ්‍රි ලංකා ආයතනය එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා මගින් ශ්‍රී ලාංකික දූ දරුවන් 3500 කට පරිගණක හා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙමින් සිටින්නෙමු.

අප පාඨමාලාවල විශේෂත්වට වන්නේ සියළුම පාඨමාලා අධ්‍යාපන විශේෂඥයින් ව්‍යවසායකයින් එකතුව අද ලෝකයේ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට නිර්මාණය කරන ලද පාඨමාලා වීමයි.

ටෙක් ශ්‍රි ලංකා හී අප විෂය අධ්‍යාපනය පමනක් ලබාදෙන තවත් එක් ආයතනයක් නොවේ. අප සමාජ සාරධර්ම හා ආගම පිළිබද විශේෂ සැලකිල්ලක් දක්වන්නෙමු. මේ සදහා හොදම උදාහරණය අප ආයතනය ඉරිදා දින උදෑසන හා ආගමික නිවාඩු දිනයන් හි කුඩා දරුවන් සදහා පංති නොපැවැත්වීමයි. ඔබගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සදහා දිවයින පුරා ශාඛා ජාලය ඕනෑම අවස්ථාවක සැදී පැහැදී බලා සිටී.

ටෙක් ශ්‍රි ලංකා අයතනය අපගේ විශිෂ්ඨ සේවය හා ඉගැන්වීම් රටාව නිසා හා අවපගේ ශිෂ්‍යන්ගේ හැකියාන් නිසා හා අපගේ ශිෂ්‍යයන්ගේ හැකියාවන් නිසා ලෝකය පුරා හා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෘත්තිය අධ්‍යාපන ආයතන පර්යේෂණ ආයතන හා ව්‍යාපාර වාණිජමය ආයතන මගින් පිළිගැනීමට ලක්ව ඇත. ටෙක් ශ්‍රී ලංකා ආයතනයට පිවිසෙන ඔබ මෙම වටිනා සමාජයේ සාමාජිකයෙක් බවට නිතැතින්ම පත්වේ.

ටෙක් ශ්‍රී ලංකාව වෙතට පැමිණීම ගැන නැනවත් ස්තූති වන්ත වන අතර එබගේ ඉදිරි ජීවිතය සතුටු හා සෞභාග්‍යමත් එකක් වේවා යැයි ප්‍රර්ථනා කරමු.


Dr.Shamitha Pathiratne
PhD.(NZ), MSc.IT (UK),MBA (IND), PgDip in Computer Applications (IND), BSc.IT (UK),
Ed-Excel HND (UK), NDSDP (SL), Dip in Technology Teacher Education (Canada),
Dip. in Networking(SG), Dip in Linux Administration (SG),
NVQ L5 & L6 National Assessor, NODES Tutor Mentor,
Microsoft UPP Master Trainer